Tuesday, January 19, 2010

පාට...

අම්මේ පොඩ්ඩක් මෙහෙට
එන්නකෝ ඉක්මනට
පොඩි දෙයක් තියෙනවා
මට ඔබෙන් අහගන්න

අම්මේ අද අපේ ටීචර්
පාට ගැන ඉගැන්නුවා
දෙක තුනක් පාට ගැන
කිව්වේ නැත්තේ මොකද ?

ආච්චිගේ පින් පාට
හරි ආදරේ හිතෙන
මාමාගෙ වස පාට
දකිනකොට බය හිතෙන

ටොමියගේ නපුරු පාට
කට වටේ කළු ගැහුණ
ටීචර් දන්නව නේද මටත්
වැඩියෙන් හොදට

පණ්ඩිතයි කියලා මට
බනින්නට නම් එපා
රවන කොට අම්ම හරි
නපුරු පාටයි තමා

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. රතු පාට,කොළ පාට
    දම් පාට, කහ පාට
    හැමෝටම එක වගෙයි
    පෙනෙන්නේ මගෙ පුතේ.....

    ආච්චිගෙ පිං පාට
    මාමාගෙ වස පාට
    ටොමියාගෙ සැර පාට
    නුඹේ හුරතල් පාට


    හැමෝටම ඒ පාට
    පෙනෙන්නේ නෑ පුතේ
    ටීචර්ටත් පෙනෙන්නට
    නැතිව ඇති ඒ පාට


    හැඟෙන විට මට නුඹේ
    කටේ පණ්ඩිත පාට
    නොපෙනුනිද
    මගෙ හිත පිරුණ......
    "ආඩම්බර පාට"

    ReplyDelete